brand logo
logo
ගංවතුරින් විපතට පත්වුවන්ට හමුදාවෙන් සහන

ගංවතුරින් විපතට පත්වුවන්ට හමුදාවෙන් සහන

27 October 2026 | වසන්ත චන්ද්‍රපාල-අම්පාර


මන්නාරම කූරෙයි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70ක පුද්ගලයන් 163 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට යුද්ධ හමුදා සහය ඊයේ (26) මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරෙයි ග්‍රාම නිලධාරී වසමේ ඉහළ යමින් පවතින ගංවතුර තත්ත්වය හමුවේ, පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් සහන මෙහෙයුම් ආරම්භ කළහ.


ඒ අනුව, පවුල් 70කට අයත් පුද්ගලයන් 163 දෙනෙකු ඉලුප්පුකඩවායි රජයේ පාසලේ ස්ථාපිත තාවකාලික

ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව ඉවත් කිරීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළ අතර, එහි රැඳී සිටින පිරිසට පිසූ ආහාර ලබාදීමට ද කටයුතු කර ඇත.

 

More News..