Best News Website award
brand logo
logo
2031 දක්වා ලෝක ටෙස්ට් ශූරතාවලියට කණ්ඩායම් 9ක් පමණයි

2031 දක්වා ලෝක ටෙස්ට් ශූරතාවලියට කණ්ඩායම් 9ක් පමණයි

15 November 2026


2031 වසර දක්වා පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියට පෙර පරිදිම කණ්ඩායම් නවයක් පමණක් ඇතුළත් වනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.


ඒ අනුව 2027-29 සහ 2029-31 තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ අයර්ලන්ත යන කණ්ඩායම් තවදුරටත් එක්නොවනු ඇති බව එහි දැක්වේ.


මේ සම්බන්ධයෙන් මෑත වසරවලදී බොහෝ සාකච්ඡා පවත්වා ඇති අතර මෙම තරගාවලිය ලීග් දෙකක් යටතේ පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු වූ බවට තොරතුරු වාර්තා වෙයි.


ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා සිටින ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ අයර්ලන්ත යන කණ්ඩායම් සහභාගී කරවාගැනීමේ යෝජනාව අයි.සී.සී ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානියා වන නවසීලන්තයේ හිටපු රොජර් ට්වෝස් විසින් ඉදිරිපත් කරන ලදී.


පසුගිය සෙනසුරාදා (14) පැය හතරකට වඩා පැවති ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී දැඩි විවාදයක් පැවති බව සඳහන්ය.


කෙසේවෙතත් ජගත් ක්‍රිකට් කවුන්සිලය දැනට පවතින ආකෘතිය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් දැක්වේ. 

 

More News..