ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට
17 May 2026
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට
17 May 2026
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28 713 ක් වාර්තා වී ඇති බවයි.
එම කාලසීමාවේ ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇතැයි ද, ඇය සඳහන් කළා ය.
ඒ, අනුව මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ ඩෙංගු පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

