ඉන්දියාවේ පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක්
22 February 2026
ඉන්දියාවේ පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක්
22 February 2026
ඉන්දියාවේ පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් පෙරළියක් සිදුකරමින් නවදිල්ලි නුවර සහ උත්තර ප්‍රාන්තයේ මීරුට් නගර යාකරන ඉන්දියාවේ ප්‍රථම ''නමෝ භාරත්'' නම් වේගවත් නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් අද (22) විවෘත කෙරුණි.
කිලෝමීටර් 82.5ක දුරකින් සමන්විත මෙම මාර්ගයේ පැයට කිලෝමීටර 120ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට නියමිතව ඇත්තේ ගමනාන්ත දෙක අතර ගමන් කාලය මිනිත්තු 55කට සීමා කරමිනි.
මීට සමගාමීව කෙටි දුර මීරුට් මෙට්‍රෝ දුම්රිය සේවය දියත් කිරීම ද අගමැතිවරයා අතින් සිදුවිය.
නාගරික මගී ප්‍රවාහන දුම්රිය සහ මෙට්‍රෝ දුම්රිය භාවිතා කරන මගීන්ට තෝරාගත් දුම්රිය ස්ථාන කිහිපයක දී එම සේවා දෙක අතර මාරුවීමට ද හැකියාව ලැබේ.
ව්‍යාපෘතිය සඳහා වැයවී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 30,270කට අධික බව සඳහන් වේ.

