ආපදා සහන සේවා නිලධාරීන් ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක
14 November 2026
ආපදා සහන සේවා නිලධාරීන් ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක
14 November 2026
ලබන සඳුදා (16) සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් කුමාර සඳහන් කළේ, සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය දිගින් දිගටම නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
ආපදා සහන සේවා නිලධාරී තනතුර ස්ථාපිත කිරීම සහ දිට්වා ආපදාවට අදාළ සහන සේවා වෙනුවෙන් එක්වරක් පමණක් ගෙවීමට නියමිත දීමනාව ගෙවා අවසන් කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වන බව සභාපතිවරයා සඳහන් කළේය.
එම ඉල්ලීම් සඳහා මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බැවින් ලබන 16 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත්, එම කාලය තුළ දිට්වා ආපදාවට අදාළ සහන සැපයීමේ කටයුතුවලින් ද ඉවත් වන බවත් ආපදා සහන සේවා නිලධාරීහු පවසති.


