brand logo
logo
අද සිට  TIN අංකය අනිවාර්යයි

අද සිට TIN අංකය අනිවාර්යයි

01 November 2026

නිශ්චිත සේවාවන් සහ කාර්යයන් කිහිපයක් ඉටු කර ගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.


ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි පහත සඳහන් කටයුතුවලදී TIN අංකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ:


  • බැංකුවක හෝ මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම
  • ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම
  • මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
  • ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම
  • ණය කාඩ්පතක් (Credit Card) ලබාගැනීම


මෙම කාර්යයන් සිදු කිරීමට පෙර, අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් TIN අංකයේ වලංගුභාවය තහවුරු කර ගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

 

More News..