brand logo
logo
මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

18 August 2026

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කිරීම පිණිස 'මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක්' පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස මූලික මානව හිමිකම් ගිවිසුම් 09ක සහ විකල්ප ප්‍රොටොකෝල 05ක රාජ්‍ය පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන අතර, විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය සඳහාද දායක වේ.


2023 වර්ෂයේදී පැවති විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වන චක්‍රයේදී ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දැක්වෙන ස්වේච්ඡා මධ්‍ය කාලීන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඇතුළත් බහු පාර්ශ්වකරුවන්ගේ ජාතික යාන්ත්‍රණයක් අවශ්‍ය වී ඇත.


මෙම නව අන්තර්-අමාත්‍යාංශ ස්ථාවර කමිටුව හරහා මෙරට මානව හිමිකම් කටයුතු සම්බන්ධ පසු විපරම් කිරීම් සහ වාර්තා කිරීමේ කටයුතු වඩාත් විධිමත් හා ඵලදායී දේශීය ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.


 

More News..