යාල වනෝද්‍යානයේ වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය
03 September 2026 | කැලුම් ගුණතිලක - මොණරාගල
යාල වනෝද්‍යානයේ වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය
03 September 2026 | කැලුම් ගුණතිලක - මොණරාගල
ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල වනෝද්‍යානය ආශ්‍රිතව වැව් සිඳී ගොස් වන සතුන්ට ජලය සොයා ගැනීම අපහසුවී ඇත.
ඒ පිළිබඳව අවධානය යොමු කළ ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ විසින් කිරිවෙහෙරට අයත් බවුසර් මඟින් ජලය සැපයීමේ වැඩසටහනක් දියත් කර තිබේ.
ඒ යටතේ යාල කලාප අංක 04 සහ 05 යන ප්‍රදේශයන්හි දිය කඩිති ඇතුළු ජලාශ වලට මෙලෙස බවුසර් මඟින් ජලය පුරවනු ලබයි.
කිරිවෙහෙර විහාරවාසී අලවතුරේ රතනසිරි ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට සහභාගී විය.

