brand logo
logo
රට පුරා ව්‍යාප්තවන පාංශු උණ ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

රට පුරා ව්‍යාප්තවන පාංශු උණ ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

20 June 2023

ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද (20) අනාවරණය කළේය.


ඔවුන් පෙන්වා දුන්නේ මෙම රෝගය මාරාන්තික විය හැකි බවයි.


පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.


මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

 

More News..