නුවරඑළියේ විශේෂ ළමා අභිප්‍රේරණ වැඩසටහනක්
06 November 2026
නුවරඑළියේ විශේෂ ළමා අභිප්‍රේරණ වැඩසටහනක්
06 November 2026
නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් 1,200කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ ළමා අභිප්‍රේරණ වැඩසටහනක් අද (06) පෙරවරු 10.00ට පැවැත්විණි.
නුවරඑළිය මහ නගර සභාවේ කරළිය සුභසාධක සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර විසින් මෙහෙයවනු ලැබීය.
ළමා අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවීමේ විශේෂඥයෙකු වන මනෝජ් සමරසේකර මෙහිදී දරුවන්ගේ පෞරුෂ වර්ධනය, යහපත් ආකල්ප හා ජීවන කුසලතා වර්ධනය කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ අවදානම, ළමා අපචාරවලින් ආරක්ෂා වීම සහ ජංගම දුරකථන, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීමෙන් ඇතිවන හානි පිළිබඳව දරුවන් දැනුවත් කෙරිණි.

