නවීන වී වේලන යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක්
06 November 2026
නවීන වී වේලන යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක්
06 November 2026
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා පිහිටි සමූපකාර සමිති වෙත රුපියල් මිලියන 500ක පිරිවැයකින් යුත් නවීන තාක්ෂණික වී වියළන යන්ත්‍ර 50ක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මෙයට අදාළ සමූපකාර කොමසාරිස්වරුන් සහ ප්‍රතිලාභී සමූපකාර දැනුවත්කිරීමේ විශේෂ වැඩමුළුවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී අද (06) සංවිධානය කර ඇත.
අමාත්‍යාංශය සඳහන් කළ පරිදි, මෙම සෑම යන්ත්‍රයකටම දිනකට වී මෙට්‍රික් ටොන් 20ක පමණ ප්‍රමාණයක් වියළීමේ ධාරිතාවක් පවතී.
වඩාත් සක්‍රීය සහ ස්ථාවර මට්ටමක පවතින සමූපකාර සමිති පිළිබඳව නිසි වාර්තා ලබාගැනීමෙන් අනතුරුව මෙම යන්ත්‍ර බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

