Best News Website award
brand logo
logo
ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

25 November 2026


නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.


එහිදී අදාළ නඩුවේ පළමු චෝදනාව සඳහා හිටපු අමාත්‍යවරයාට රුපියල් 5,000ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එම දඩය ගෙවීම පැහැර හැරියහොත් මාස තුනක සිරදඬුවමක් ලබා දීමට ද නියෝග කළේය.


දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.


තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

 

More News..