ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
18 November 2026
ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
18 November 2026
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.
අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
2016 මාර්තු 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පලකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබුණි.
එම චෝදනාවලට වැරදිකරු කෙරුනු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.
එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.


