brand logo
logo
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි

04 October 2026



දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) පාකිස්තානය බලා පිටත්ව ගියේය.


පාකිස්තානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිත අතර, එම තරගාවලියෙන් අනතුරුව පාකිස්තානය සහ එංගලන්තය සමඟ තුන්කොන් එක්දින තරගාවලියකට ද එක්වීමට නියමිතය.


එම තුන්කොන් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ද පාකිස්තානය සමඟ එක්වීමට නියමිතව තිබේ.


අද (04) ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නොවැම්බර් 21 වැනිදා අවසන් වීමට නියමිතය.

 

More News..