ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 September 2026
ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 'ඇම්බර්' මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (22) දහවල් 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.
ඉහත සඳහන් කරන ලද ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

