brand logo
logo
පසුගිය වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

පසුගිය වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

25 October 2026

"රටම එකට" ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයක් තුළදී රුපියල් බිලියන 109කට අධික දළ වීථි වටිනාකමින් යුත් විෂ මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.


පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ මෙහෙයුම් මගින් මෙම මත්ද්‍රව්‍ය තොග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදාව සඳහන් කර ඇත්තේ අදාළ මෙහෙයුම් මත මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා පමණක් සිදුකළ වැටලීම්වලින් රුපියල් බිලියන 68ක දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය.


ඊයේ (24) දිනයේද මාතර තලල්ල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 561කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබූ අතර එහි දළ වීථී වටිනාකම රුපියල් බිලියන 11.8කට අධික බවද නාවික හමුදාව සඳහන් කළේය.

 

More News..