brand logo
logo
දේශීය බිත්තර මිල අඩුවෙයි

දේශීය බිත්තර මිල අඩුවෙයි

31 March 2024


දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර‍ පැවසීය.


දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය පවසයි.


මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ.


 

 

More News..