ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ 2025 අදියර ඇරඹේ
31 August 2025
ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ 2025 අදියර ඇරඹේ
31 August 2025
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) මගින් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහන ලෙස සැලකෙන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ (WCIC PRATHIBHABHISHEKA – WOMEN ENTREPRENEUR AWARDS) 2025 අදියර නිල වශයෙන් ආරම්භ කළ බව එම වාණිජ මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කිරීමයි.
“2025 ව්‍යවසායිකා සම්මාන උළෙලේ ආරම්භය මෙසේ සනිටුහන් වනවා. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ වසර 40 ක ඉතිහාසය තුළ අප පවත්වන 15 වන ව්‍යවසායිකා සම්මාන උළෙල මෙන්ම, නව සංකල්පය යටතේ පවත්වන 4 වන සම්මාන උළෙල මෙයයි. 2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 WCIC ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වෙමින්, තම සාර්ථකත්වය ලෝකයත් සමග බෙදාගන්නා මෙන් අප මෙරට ව්‍යවසායිකාවන්ට ආරාධනා කර සිටිනවා. මෙය ආර්ථිකය වෙනුවෙන් ඔවුන් දක්වන සුවිශාල දායකත්වය ඇගයීමට ලැබෙන මහඟු අවස්ථාවක්. තරගය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් අරමුණු කරගත් තරගයක් වන නමුත්, සාර්ක් කලාපයේ ව්‍යවසායිකාවන්ට විශේෂ කාණ්ඩයක් යටතේ තරග කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහාම වෙන් වූ ජාතික වාණිජ මණ්ඩලය ලෙස අප මේ සියලු කටයුතු සිදුකරන්නේ තිරසාර, ඵලදායී සහ ආචාරධාර්මික ලෙසයි. ඒ වගේම අපගේ ක්‍රියාකාරකම් සියල්ල විගණනයට ලක්වෙනවා. මේ දක්වා ප්‍රතිභාභිෂේක සම්මාන හිමි වූ ව්‍යවසයිකාවන් බොහෝ දෙනෙක්, එම සම්මාන මගින් ඔවුන්ගේ ව්‍යාපාරවලට එක්වුණු වටිනාකම කෙබඳුද යන්නට සාක්ෂි දරාවි.” කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති ගයනි ද අල්විස් මහත්මිය පැවසුවාය.
“WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල වසරින් වසර දියුණු වෙමින් වැඩි පිරිසකගේ අවධානය දිනා ගනිමින් තිබෙනු දැකීම සතුටට කරුණක්. රට පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා මෙබඳු ජාතික මට්ටමේ සම්මාන උළෙලක් පැවැත්වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. විවිධ මට්ටම්වල ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් බොහෝ දෙනෙක් මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව අප දන්නවා. ඔවුන්ට Start-Up, Micro, Small, Medium සහ Large යන කාණ්ඩ යටතේ තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට පුළුවන්. මෙම කාණ්ඩ වෙන්කර ඇත්තේ 2024/2025 මූල්‍ය වර්ෂයේදී වාර්තා කරන ආදායම අනුවයි. එක් එක් කාණ්ඩය සඳහා රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමීමට අප බලාපොරොත්තු වනවා.
“මෙය ජාතික මට්ටමේ ව්‍යවසායක සම්මාන උළෙලක් නිසා, පෙර වසරවලදී මෙන්ම මෙවරත් රටේ සියලුම පළාත්වල ව්‍යවසායිකාවන්ට මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වීමට පුළුවන්. සෑම පළාතකින්ම එක් ව්‍යවසායිකාවකට අදාළ පළාතේ විශිෂ්ටතම ව්‍යවසායිකාව ලෙස සම්මාන පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.” සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දක්වමින් සම සභාපතිවරුන් වන ඕෂධී සෝමසිංහ මහත්මිය සහ තුසිතා කුමාරකුලසිංහම් මහත්මිය පැවසූහ.
මෙම වැඩසටහන තුළ කෙටිලැයිස්තුගත වන ව්‍යවසයිකාවන් Young Woman Entrepreneur, Outstanding Start-Up, The Woman of Courage, The Most Outstanding Export Oriented Entrepreneur (Product and Services), The Best of the SAARC Region, Digital Entrepreneur, Most Innovative Entrepreneur සහ The Social Entrepreneur for 2025 යන විශේෂ සම්මාන සඳහාද සලකා බැලෙනු ඇත. උත්සවයේ ප්‍රධානතම සම්මානය වන්නේ ‘2025 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව’ හෙවත් “The Woman Entrepreneur Of The Year – 2025.” සම්මානයයි.
සම්මාන වැඩසටහනේ අයදුම්පත් www.wcicsl.lk වෙතින් බාගත (Download) කරගත හැකි අතර, අවශ්‍ය නම් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ කාර්යාලයෙන්ද ලබාගත හැක (ඊමේල් මගින්). එම අයදුම්පත් නිසි පරිදි පුරවා, තමන් ඉදිරිපත් කරන කරුණු සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂිද සහිතව, 2025 ඔක්තෝබර් 15 දිනට පෙර ඉදිරිපත් කළ යුතු ය.
WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස මෙවරත් කටයුතු කරනුයේ AIA Insurance සමාගමයි. එහි දියමන්ති අනුග්‍රාහක සහ බැංකුකරණ සහකරු ලෙස DFCC ආලෝකා කටයුතු කරයි. සම්මාන උළෙලේ රන් අනුග්‍රාහක ලෙස McLarens සමූහ ව්‍යාපාරය සහ Unilever අරුණලු කටයුතු කරන අතර, රිදී අනුග්‍රාහකයන් ලෙස Hayleys සමූහය සහ Maliban ද, ලෝකඩ අනුග්‍රාහකයන් ලෙස Impra Teas සහ Macbertan ද කටයුතු කරයි. නිර්මාණකරණ හවුල්කරු ලෙස Triad කටයුතු කරන අතර, දැනුම් හවුල්කරු ලෙස කටයුතු කරනුයේ Ernst & Young ය. ඉදිරි සති කිහිපයේදී තවත් පාර්ශ්ව කිහිපයක් මෙම සම්මාන උළෙල සමග අත්වැල් බැඳගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය යනු ව්‍යවසයිකාවන්ට සහ වෘත්තීය ව්‍යාපාරික කාන්තාවන්ට අත්වැලක් වීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයයි. තමන්ට සමාජයේ යහපත වෙනුවෙන් දායක විය හැකි යැයි විශ්වාස කරන සහ, වාණිජ මණ්ඩලය මගින් පිරිනමනු ලබන පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව සහිත කාන්තාවන්ට එහි සාමාජිකත්වය ලබාගත හැකි වේ. WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල යනු කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පවත්වනු ලබන ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර, එහි අරමුණ වන්නේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වන ව්‍යවසායිකාවන් සහ වෘත්තීය කාන්තාවන් ඇගයීමට ලක්කිරීම ය.