brand logo
logo
 පොඩි පැටී ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

පොඩි පැටී ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

07 October 2026


'පොඩි පැටී' ලෙස හැඳින් වූ සුගත් නුවන් කුමාර නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලීසිය සමත්වී තිබේ.


පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු සමග පැමිණි පුද්ගලයා බවයි.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු 'කොස්ගොඩ සුජී' නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවය.


වැලිකන්ද, අහුංගල්ල ප්‍රදේශයේදී ඉකුත්දා (01) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයික් පොඩි පැටී ඝාතනය විය.


නිවසින් පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටි 'පොඩි පැටී' වෙත පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.


වෙඩි ප්‍රහාරයෙන් හිසට බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටියේය.


මියගිය සුගත් නුවන් කුමාර හෙවත් 'පොඩි පැටී', දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී' නැමැත්තාගේ සහෝදරයා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..