brand logo
logo
ප්‍රංශයේ විරෝධතා අතරතුර 1,200දෙනෙකු අත්අඩංගුවට

ප්‍රංශයේ විරෝධතා අතරතුර 1,200දෙනෙකු අත්අඩංගුවට

18 October 2026


පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 1,200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.


ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම විරෝධතා සඳහා 550,000ක පමණ පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


එහිදී කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම් හටගෙන තිබු බව ද සඳහන්.


එම අවස්ථාවේ දී පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.


මේ අතර අගනුවර සහ වෙනත් ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලිවලට ද විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

More News..