වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නැහැ - දෙමටගොඩ පොලීසිය
22 October 2026
වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නැහැ - දෙමටගොඩ පොලීසිය
22 October 2026
සමාජ මාධ්ය ඔස්සේ පැතිරයන වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන නොමැති බව දෙමටගොඩ පොලීසිය පවසයි.
පොලිය මේ බව සඳහන්කළේ, වස් කවියක් සම්බන්ධයෙන් සිය සේවාදායකයෙකු දෙමටගොඩ පොලීසියට කැඳවා ප්රකාශයක් සටහන් කරගෙන ඇති බවට නීතිඥවරයෙකු සිදුකළ ප්රකාශයට ප්රතිචාර දක්වමින්ය.
පසුගිය දිනවල වස් කවියක් ලෙස සමාජ මාධ්ය යේ පලවූ ගීතයක් පිළිබඳව සිය සේවාදායකයෙකු දෙමටගොඩ පොලිසියට කැඳවා ප්රකාශයක් සටහන් කරගෙන ඇති බව නීතිඥ සුදත් වික්රමරත්න මහතා මාධ්යයට ප්රකාශයක් කර තිබුණි.
කෙසේ වෙතත් දෙමටගොඩ පොලිසිය පවසන්නේ අදාළ ප්රකාශය අසත්ය බවයි.
වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් සිය පොලිස් ස්ථානයේ ලේඛණ පරීක්ෂා කිරීමේදී සහ අදාළ දිනයේ රාජකාරි සිදුකළ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමේදී එවැන්නක් සිදුව නොමැතිබවට නීරීක්ෂනය වූ බවත් දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

