brand logo
logo
හමුදාව හැරගිය තිස් දහසක් තවමත් නිදැල්ලේ

හමුදාව හැරගිය තිස් දහසක් තවමත් නිදැල්ලේ

19 February 2023 | තිස්ස රවින්ද්‍ර පෙරේරා

හමුදා සේවය අතහැර ගිය අයට යළි එම සේවයට එක්වන ලෙස පොදු සමා කාලයක් ලබා දුන්නද ත්‍රිවිධ හමුදාවලට අයත් තවත් තිස් දහසකට ආසන්න පිරිසක් තවමත් බාර නොවී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.


පිරිසක් තවමත් භාර නොවී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.


අවසන් වරට පැවැති පොදු සමා කාලය තුළදී ත්‍රිවිධ හමුදාව හැරගිය නිලධාරීන් හැත්තෑවක් ඇතුළු විසිදෙදහස් හත්සිය විසිනවයක් භාර වූ බව ආරක්ෂක අමාත්‍යාංශ නිල තොරතුරුවලින් කියැවිනි. මෙම වසර ජනවාරි 03 වැනිදා වන විට පොදු සමාකාලය තුළ යුද හමුදාව හැරගිය නිලධාරීන් 56ක් හා සෙසු නිලයන් 20116ක් භාරවී ඇත. නාවික හමුදාව හැරගිය නිලධාරීන් 02ක් සහ සෙසු නිල 1311ක් භාරවී තිබුණි. ගුවන් හමුදාව හැරගිය නිලධාරීන් 12ක් හා සෙසු නිල 1232ක් භාර වී තිබිණි.


මෙම පොදු සමාකාලය ආරම්භ වන විට ත්‍රිවිධ හමුදාවේ 49000ක් හමුදාව අතහැර ගොස් සිටි බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියකු සඳහන් කළේය.


පොදු සමා කාලය අවසන් වූ පසුව ගතවූ ජනවාරි මාසය තුළ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 12ක් ඇතුළුව 1819ක් යළිත් සේවය අතහැර ගිය බව වර්තා​ වී ඇතැයි ද එම නිලධාරියා පෙන්වා දුන්නේය. මේ අතර ගුවන් හමුදාවේ 43ක් හා නාවික හමුදාවේ 196ක්ද විය. යුද හමුදාවේ 1580ක් ගතවූ මාසයට සේවය අතහැර ගොස් තිබිණි.


මෙම පිරිසට යුද හමුදාවේ නිලධාරීන් 11ක්ද අයත්ය. මෙම කාල සීමාව තුළ කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල් නිලවල සිටින නිලධාරීන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් හමුදා සේවයෙන් ඉවත් වීමට ලිපි ලේඛන භාරදී ඇතැයි හමුදා මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.


නිලධාරීන්ට හා සෙසු නිලයන්ට ඇති පහසුකම් කපා හැරීම හා ආර්ථික ප්‍රශ්න හමුවේ රැකියාවෙන් ඉවත් වීමට නිලධාරීන් පෙලඹී තිබේ.

 

More News..