brand logo
logo
කළු ජූලියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

කළු ජූලියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

03 November 2026


අද සිට ලබන 6 වැනි දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


අද දිනයේ දී 1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


ඊට අමතරව අද දිනයේ දී පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරට සිදුව ඇති බලපෑම පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.


කෙසේවෙතත් කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණ ද එලෙස යෝජනාවක් යලි ඉදිරිපත් නොවූ බැවින් පෙර තීරණය කර තිබු පරිදි අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අද දිනයේ සිදුනොවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

 

More News..