සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිට
09 November 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිට
09 November 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත"ෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වල වාචික දේශන ඉදිරිපත් කිරීම අද දින අවසන් කෙරිණි.
මෙම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.

