හැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය
03 November 2026
හැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය
03 November 2026
සොබාදහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුමයන් ඉස්මතු කරන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් යටතේ බස්නාහිර පළාතේ වෙරළබඩ හා මුහුදු ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම හැමිල්ටන් ඇළ සහ මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ යටතේ, බස්නාහිර පළාත් සභාව විසින් මීගමු කලපුවේ කිංග්ස් අයිලන්ඩ් ජැටියේ සිට මා ඔය මෝය කට දක්වා හැමිල්ටන් ඇළ සංවර්ධනය කර සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමේ අරමුණින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ඇත.
ඒ අනුව, හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් උපයෝජනය කරමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

