වනාතේ චතුගේ ගෝලයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්
23 August 2026
වනාතේ චතුගේ ගෝලයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්
23 August 2026
බොරැල්ල ලෙස්ලි රණගල මාවත 141 වත්තේ පිහිටා ඇති නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වනාතේ චතු නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකුගේ නිවසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් එය පුපුරා ගොස් නොමැති බව පොලීසිය සඳහන් කළේය.
අද (23) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර සැකකරු යතුරුපැදියකින් පැමිණ අත්බෝම්බය විසි කරන අයුරු අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එම ප්‍රදේශය අවට ආරක්ෂාව තරකර ඇති අතරම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර මෙලෙස අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ නව ප්‍රවණතාවක් මේ වනවිට වර්ධනය වෙමින් පවතින බව ද ආරක්ෂක අංශය සඳහන් කරයි.
පසුගිය දා රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට ද මෙලෙසම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එක් බෝම්බයක් පුපුරා ගොස් තිබුණි.

