කිරි ගවයකු සොරකම් කිරීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
11 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
කිරි ගවයකු සොරකම් කිරීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
11 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
කන්දකැටිය උල්පොතගම පතහගල රක්ෂිතයේ තණකොල කෑම සඳහා බැඳ තිබූ එළ ගවයෙක් සොරකම් කරගෙන ගොස් මස්පිණිස ඝාතනය කිරීමට සූදනමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ලැබුණ තොරතුරක් මත ඊයේ (10) වනදා අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
අවුරුදු 07 ක් පමණ වයසැති මෙම කිරි ගවයා ගැට ගසා තිබූ කඹය කපා සොරකම් කරගෙන උල්පොතගම සිට බත්මැඩිල්ල, වාසනාගාගම හරහා ගලඋඩ ප්‍රදේශයට දක්කාගෙන ගොස් ඇති බවත් මරා මස්කර ප්‍රදේශයේ මස් අළෙවි සැලකට විකිනීමට සූදානම්ව සිටි බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනාම ගලඋඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද පොලිසිය සඳහන් කරයි .

