brand logo
logo
බද්දේගම වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

බද්දේගම වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

30 September 2026

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරන විමර්ශනවලට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ (29) රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 100ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


අවුරුදු 23ක් වයසැති සැකකරු කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු බද්දේගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.


සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..