brand logo
logo
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නාවික හමුදාව බේරාගනී

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නාවික හමුදාව බේරාගනී

11 September 2026

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත්විය.


මෙලෙස මුදාගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ මෙලෙස අතරමංව ඇතවයස අවුරුදු දහහතක පුද්ගලයෙකි.


උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ නිලධාරින් සිදුකළ මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇත. 

ඒ අනුව ඔහුව බේරාගෙන නාවික හමුදාව විසින් ඔහු තම්මැන්නා ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පානීය ජලය සහ ආහාර ඇතුළු මානුෂික ආධාර ලබා දීමට කටයුතු කෙරුණි.


තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා නාවික හමුදාව විසින් මුදාගත් පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

More News..