brand logo
logo
 පෙර පාසල් දරුවන්ටත් අත්පා ආවරණය වන ඇඳුම් අන්දවන්න

පෙර පාසල් දරුවන්ටත් අත්පා ආවරණය වන ඇඳුම් අන්දවන්න

13 July 2026


මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ටද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන් වෙත දන්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.


අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ට මදරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.


ඒ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් වන අතර ඒ අනුව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමේ හැකියාව පාසල් සිසුන්ට හිමිවේ.


ඒ අනුව පෙර පාසල් දරු දැරියන්ද මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ලෙස අත්පා ආවරණය වන ලෙස ඇඳුමකින් සරසවා පාසල් වෙත එවන මෙන් අමාත්‍යවරිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.


මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්,


"ඒක පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිත කරන්න. මදුරුවන් දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝටම කියන්නේ. මේ අර්බුදය පාසල් තුළටත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතුයි."

 

More News..