brand logo
logo
 රේණුක පෙරේරාට ඇප

රේණුක පෙරේරාට ඇප

29 September 2026



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.


ඒ ,අද (29) රේණුක පෙරේරා මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය (17) දින අත්අඩංගුවට ගැණුනි.


නීතිවිරෝධී ලෙස බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.


1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීම හිටපු සභාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වේ.


ඉන්පසුව අද 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.

 

 

More News..