CCIB භාර නියෝජ්‍ය පොලිස්පති CIDයට කැඳවයි
29 September 2026
CCIB භාර නියෝජ්‍ය පොලිස්පති CIDයට කැඳවයි
29 September 2026
කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (29) පෙරවරුවේ CIDයට පැමිණෙන ලෙස රන්මල් කොඩිතුවක්කු මහතාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් පරිදි මෙම විමර්ශනය සිදුකෙරේ.

