brand logo
logo
ඥානසාර හිමියන්ගේ  චීවරය ඉවත් කිරීමට එරෙහි නඩුව කල් යයි

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි නඩුව කල් යයි

22 October 2026


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.


අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.


එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නඩුකරය යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියම කළේය.


පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. 

 

More News..