brand logo
logo
අර්බුද මැද සෝලා විදුලි උත්පාදනය 27% පන්නයි

අර්බුද මැද සෝලා විදුලි උත්පාදනය 27% පන්නයි

20 October 2026 | අනීෂා මානගේ

මෙරට විදුලිබල පද්ධතියේ මෑත කාලීන ක්‍රියාකාරීත්වය අනුව දෛනික විදුලි උත්පාදනයෙන් සියයට විසිහතකට වැඩි ප්‍රමාණයක් සූර්ය බල ශක්තිය හරහා ජනනය කර තිබීම මෙරට බලශක්ති අනාගතය පිළිබඳ තැබූ ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි.


මෙරට දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 27.2කට අධික ප්‍රමාණයක්, එනම් ගිගාවොට් පැය 12.31ක් සූර්ය බලශක්තිය හරහා ජනනය කර ඇතැයි එම සංගමය සඳහන් කරයි. ඉකුත් 17 වැනිදා ඇති වූ සමස්ත විදුලි පද්ධති බිඳ වැටීම සහ ප්‍රධාන තාප විදුලි බලාගාර කිහිපයක නිෂ්පාදන කටයුතු අඩාළ වූ මොහොතේ මෙරට විදුලි ඉල්ලුම පාලනය කරගැනීමට සහ පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට සූර්යබල දායකත්වය රුකුලක් වූ බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

More News..