brand logo
logo
  ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙකු ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට

ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙකු ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට

08 July 2025


රාගම බටුවත්ත ප්‍රදේශයේ පසුගිය 03 වනදා රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.


කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්ය්‍යාංශය විසින් අද (08) රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරුව තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


 සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 220ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 67යි ග්‍රෑම් 520 ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි 02ක්, 9mm ජීව උණ්ඩ 10, කඩුවක්, ගුවන් හමුදා නිලඇදුම්, ජංගම දුරකථන 4, ලැප්ටොප් යන්ත්‍රයක් සහ තරාදි 4ක් පොලිස් භාරයට ගෙන ඇත.


එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ යතුරු පැදියක්ද එම අවස්ථාවේ දී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

More News..