ගාල්ල ධීවර වරායේ නව ඉදිකිරීම්වලට මුල්ගල් තැබේ
22 November 2026 | එච්.එම්.සමන් - අක්මිමණ
ගාල්ල ධීවර වරායේ නව ඉදිකිරීම්වලට මුල්ගල් තැබේ
22 November 2026 | එච්.එම්.සමන් - අක්මිමණ
ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන් , ධීවර වරාය සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරායේ නව මත්ස්‍ය වෙන්දේසි ශාලාව, සිල්ලර වෙළඳ මධ්‍යස්ථානය සහ රථගාල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නඟාසිටුවීම, ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම මත්ස්‍ය අස්වනු අලෙවි කිරීමේ කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 224ක මුදලක් වෙන් කර තිබේ.


