brand logo
logo
නීතිවිරෝධී මත්පැන් බෝතල් 206 ක් සමග අයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 206 ක් සමග අයෙකු අත්අඩංගුවට

22 October 2026 | ලක්ඛ්ත විද්‍යසේකර-කළුතර


නීතිවිරෝධී මත්පැන් බෝතල් 206 ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පයාගල පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත .


මොහු පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තරංග වික්‍රමාරච්චි ඇතුළු නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොහු අත් අඩංගුවට ගෙන ඇත .


සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

 

More News..