brand logo
logo
 ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයන්ට සහනයක්

ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයන්ට සහනයක්

07 April 2026


ඒකක 90ට අඩු පාරිභෝගිකයින්හට සහන ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 15ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.


ඒ රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින්.


ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


 

More News..