මඩකලපුවේ මුහුද රළු වෙයි-ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාලයි
28 October 2026 | ටී. එල්. ජවුෆර්කාන්-මඩකලපුව
මඩකලපුවේ මුහුද රළු වෙයි-ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාලයි
28 October 2026 | ටී. එල්. ජවුෆර්කාන්-මඩකලපුව
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්රික්කයේ දැඩි මුහුදු කැලඹීමක් හටගෙන ඇත.
මේ හේතුවෙන් බොහෝ මුහුදු ප්රදේශවල විශාල රළ වෙරළ දෙසට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.
මුහුද රළු වීම හේතුවෙන් මෙම දිස්ත්රික්කයේ ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර ධීවරයින් සිය ධීවර බෝට්ටු සහ ඔරු වෙරළේ සිට බොහෝ දුරින් ආරක්ෂිකතව ගාල් කර ඇත.
එමෙන්ම, වෙරළ තීරයේ පිහිටි අවන්හල් සහ මාළු වාඩි ද සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
දැඩි මුහුදු කැලඹීම සහ 'අර්නාබ්' සුළි කුණාටු අවදානම හේතුවෙන් මුහුදු යෑමෙන් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.
මෙම දිස්ත්රික්කයේ අඛණ්ඩව අයහපත් කාලගුණය පවතින අතර, පවුල් 28,000ක් පමණ ධීවර කර්මාන්තයේ නියැලී සිටීම විශේෂත්වයකි.

