brand logo
logo
විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

22 August 2026

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලට අදාළ ආගමික වතාවත් අද (22) පෙරවරුවේ සිදු කෙරිණි.


ඒ අනුව උදෑසන 10.00 ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී පාංශුකූල කටයුතු සිදු කරන ලදී.


ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 3.30 දක්වා දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.


ඉන්පසුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතය.

 

More News..