brand logo
logo
ගෝල් ග්ලෑන්ට්ස් පිලට පහසු ජයක්

ගෝල් ග්ලෑන්ට්ස් පිලට පහසු ජයක්

26 July 2026

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට පරාජයට පත් කරමින් ලකුණු 44 ක ජයක් ලැබීමට ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සමත්ව තිබේ.


මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 220ක් රැස්කර ගැනීමට සමත් විය.


ගෝල් ග්ලෑන්ට්ස් පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ චාමික කරුණාරත්න පන්දු 34කදී ලකුණු 72ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ද සමගිනි.


පන්දු යැවීමේදී දඹුල්ල පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 5ක් බිද දැමීමට සමත් විය.


අනතුරුව පිටියට පැමිණි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 176ක් පමණී.

 

More News..