brand logo
logo
 රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට පියවර

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට පියවර

15 September 2026

ලෝක හෙල් විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.


අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දිනාගනිමින් දිවයිනට පැමිණෙන අතරවාරයේදී රුමේෂ් තරංගගේ හෙල්ල 5කට දැඩි අලාභහානි සිදුව තිබුණි.


අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්විමන් රුමේෂ් තරංග පැවසුවේ සිය ශූරතාවන් දැක්වූ හෙල්ලය ද කැඩි ගොස් ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට ගත් වන බවත්ය.


අදාළ හෙල්ල තවත් දින කිහිපයකින් පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියටත්, 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ද භාවිත කිරීමට සිය අපේක්ෂාව වී තිබූ බව ද රුමේෂ් තරංග සඳහන් කළේය.


එමෙන්ම ඒවා සිහිවටන මෙන් තමන් සන්තකයේ තබා ගැනීමටත් සැළසුම් කර තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ. 730 දරණ ගුවන් යානයෙන් ඔහු අද අලුයම දිවයිනට පැමිණ තිබු අතර එහිදී මෙලෙස සිය හෙල්ල කට්ටලයට හානී සිදුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක් ද සිදුකළ බව රුමේෂ් තරංග පැවසුවේ.

 

 

More News..