brand logo
logo
 නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33ක් නීතියේ රැහැනට

30 August 2026


නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපයේදි සිදුකළ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත්ව තිබේ.


නාවික හමුදාව පැවසුවේ පසුගිය 16 වැනිදා සිට 27 වැනිදා දක්වා කාල සීමාව තුළ නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවය.


එහිදී ඩිංගි යාත්‍රා 18ද නිලධාරීන් භාරයට ගෙන ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.


ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත හා කල්කුඩා සහ නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට ද කටයුතු කර තිබේ.

 

More News..