‘විභාග’ නිලධාරියාගේ දරුවා ප්‍රථමයාවීම ගැන පරික්ෂණයක්
28 November 2026 | නිලන්ත මදුරාවල
‘විභාග’ නිලධාරියාගේ දරුවා ප්‍රථමයාවීම ගැන පරික්ෂණයක්
28 November 2026 | නිලන්ත මදුරාවල
විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ දරුවකු මෙවර නීති විදුහල් ප්‍රවේශ විභාගයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇතැයි කියන සිද්ධිය පිළිබඳ එම දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මෙම සිද්ධිය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන විට එම ප්‍රතිඵල පවා නිකුත් කර තිබී නැත. ප්‍රතිඵල නීති විදුහලට දීමට දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ එම ප්‍රකාශයට පසු දින බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය. විභාගවලට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ දෙමව්පියන් හෝ ඥාතීන් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ නම් විභාගයට පෙර කලින්ම ඉවත්විය යුතුවන අතර චෝදනාව වී ඇත්තේ එම නිලධාරියා ඉවත් වී තිබෙන්නේ නීති විදුහලේ විභාගය පැවැත්වීමට සති දෙකකට පෙරය යන්නය. දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ සේවය කරන මෙම නිලධාරියාගේ දරුවා විභාගයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇතැයි කී මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසද ඉල්ලා සිටියාය. විභාගය පැවැතියේ අගෝස්තු මස 2 වැනිදාය. නිලධාරියා රාජකාරියෙන් ඉවත් වී ඇත්තේ ජූලි මස 15 වැනිදාය.


