Best News Website award
brand logo
logo
දිස්ත්‍රික්ක 06කට නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

දිස්ත්‍රික්ක 06කට නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

26 November 2026


පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 29කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.


ඒ අනුව මෙම අනතුරු ඇඟවීම හෙට (27) පස්වරු 04.00 දක්වා වලංගුවේ.


කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාළින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.


මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හතරළියැද්ද, උඩපළාත, ගග ඉහළ කෝරළේ, උඩදුම්බර, දොළුව සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසත් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.


කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දෙහිඕවිට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසත් කෑගල්ල, යටිනුවර, රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩහින්න, කොත්මලේ බටහිර, නෝර්වුඩ්, අඹගමුන කෝරළේ, තලවාකැලේ සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටිය යුතුය.


තව ද රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම අදියර යටතේ අනතුරු අඟවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..