brand logo
logo
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ සිව්වන දිනය ඇරඹෙයි

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ සිව්වන දිනය ඇරඹෙයි

13 October 2026


බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (13) සිව්වන දිනට වරකපොල නගරයෙන් ආරම්භ කර තිබේ.


ඒ අනුව මෙම පාද යාත්‍රාව අද (13) දිනයේ නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.


‘සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්‍රාව පසුගිය 10 වනදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්හ වූ අතර එය කඩුගන්නාව දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පළමු දිනය නිමා කර තිබුණි.


එමෙන්ම දෙවන දිනය ලෙස පෙරේදා (11) දිනයේදී කඩුගන්නාවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව කෑගල්ල දක්වා ගමන් කළේය.


ඊයේ (12) දිනයේ මෙම පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකපොල නගරය දක්වා පැමිණ තිබුණි.


මෙම නිදහසේ පාද යාත්‍රාව නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ලබන 15 වනදා වන විට කොළඹට ළඟා වීමට නියමිතය.

 

More News..