Best News Website award
brand logo
logo
වරාය සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

වරාය සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026

වරාය සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා



කොළඹ වරාය හා ඒ ආශ්‍රිත සේවාවන් සංවර්ධනය කිරීම රටේ ආර්ථිකයට ඉහළ වැදගත්කමක් ගෙන දෙනවා. 2040 වර්ෂය වන විට එහි නැව්ගත කිරීමේ සමස්ත ධාරිතාවය අඩි 20 බහාලුම් ඒකක (TEUs) මිලියන 30 ඉක්මවා ඉහළ නැංවීම,


ප්‍රති- අපනයන නැව්ගත කිරීම හා සේවා සැපැයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඉලක්කයයි.


ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ, ඉන්ධන පිරවුම් (Bunkering) ධාරිතාවය පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව තරගකාරී කලාපීය ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමටත් විශාල විභවතාවයක් පවතී.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහයෝගය ඇතිව, ඉදිකිරීම්-මෙහෙයුම්- පවරාදීමේ (BOT) පදනම මත කොළඹ වරාය තුළ පුද්ගලික අංශයේ දායකත්වය යටතේ මෙට්‍රික් ටොන් 50,000 ක ධාරිතාවයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.

 

More News..