brand logo
logo
ප්‍රදේශ දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

18 September 2023

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.


පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.


ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශ සඳහා විමසිලිමත් වියයුතු බවට සඳහන් කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.


මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අද පස්වරු 4ට ඉදිරි පැය 36 සඳහා අදාළ වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.


එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.


මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.


බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

More News..