brand logo
logo
කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන්යානයක් යළි කටුනායකට ගොඩබස්සවයි

කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන්යානයක් යළි කටුනායකට ගොඩබස්සවයි

28 October 2026

අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් Airbus A330 වර්ගයේ UL-503 දරන ගුවන් යානය, ගුවන්ගත වී සුළු මොහොතකින් කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙතම හදිසියේ ගොඩබැස්වීමට පියවර ගෙන තිබේ.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළ පරිදි, අදාළ ගුවන් යානය අද දහවල් 12:55 ට ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබුණි.


ගුවන් මගීන් 269 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු යානය තුළ සිට ඇත.


කුරුල්ලා ගැටීමෙන් අනතුරුව නියමුවා විසින් ගුවනේදීම තත්ත්වය පාලනය කර ගනිමින් යානය යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබැස්සවා ඇත.

ගොඩබැස්සවීමෙන් අනතුරුව මගීන් නිරුපද්‍රිතව යානයෙන් පහළට ගෙන්වා ඔවුන් වෙත අවශ්‍ය සංග්‍රහයන් ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගත්තේය.


පසුව, එම මගීන් වෙනත් ගුවන් යානයක් හරහා එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙත යැවීමට කටයුතු යොදා ඇත.


අනතුරට ලක් වූ ගුවන් යානය මේ වන විට අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර ඇති බව ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටියි.

 

More News..