brand logo
logo
"යතිවර මාපිය" නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය ලබන 19 වැනිදා

"යතිවර මාපිය" නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය ලබන 19 වැනිදා

10 September 2026

ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'යතිවර මාපිය' වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වන දින බදුල්ලේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබේ.


ශාසනයට තම දරුවන් පූජා කළ, ජිවත් වීමට සුදුසු ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක නැවත අය නොකරගන්නා ‍රජයේ නිවාස ආධාරයක් මත නිවාස ඉදිකරදීම මෙමඟින් සිදු කරනු ඇත.


ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසිනි.


මෙය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර තාක්ෂණික සහාය නිවාස අධිකාරියේ තාක්ෂණික නිලධාරීන් විසින් ලබා දෙනු ලබයි.


අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ දින (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. 

 

More News..